Trending Newsඑසැන පුවත්දේශීය

ලිඛිතව දැනුම් දෙන තෙක් මහින්ද රාජපක්ෂ, නිල නිවසින් යන්නේ නැහැ – සාගර කාරියවසම්

රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

අදාළ නිල නිවස මහින්ද රාජපක්ෂ මහතා වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත්වීමට අවශ්‍ය නම් නිල දැනුම්දීමක් සිදුකළ යුතු බවත්, දැනුම්දීමක් සිදුකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා කෙටි වේලාවක් හෝ එහි රැඳී නොසිටින බවත් ඒ මහතා පවසා සිටියේය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ කාරියවසම් මහතා, “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ නිල නිවස භාර දුන්නේ නිල වශයෙන්, එතුමා එය භාර ගත්තෙත් නිල වශයෙන්. නිල වශයෙන් පදිංචි වෙලා ඉන්න නිල නිවසක් ඔබතුමන්ලාට අවශ්‍ය නම්, නිල වශයෙන් දැනුම්දීමක් කරන්න එතුමා එක මොහොතක්වත් ඒ ගෙදර රැඳිලා ඉන්නනේ නැහැ. එතුමා වාහම ඉවත් වෙලා යනවා. නමුත් ඔබතුමන්ලා හදන්නේ ළිඳ ළඟ සංගමය වගේ තැන් තැන්වල කියව, කියවා එතුමාව ලැජ්ජාවට පත්කරලා මහින්ද රාජපක්ෂ මහතා එතනින් එළියට බස්සන්න නම් ඒ වැරැද්ද ඔබතුමන්ලාට කරන්න දෙන්නේ නැහැ. යැයි කියා සිටියේය.

Related posts

Stern action against vehicles with unauthorised VIP lights, horns from July 01

Mohamed Dilsad

ගාලුමුවදොර විරෝධතාව අද තුන්වැනි දිනටත්

Mohamed Dilsad

Honduras fishing boat capsizes killing 26

Mohamed Dilsad

Leave a Comment