දේශීය

සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අදින් ඇරඹේ

(UTV| කොළඹ) –  දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අද (22) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ අගෝස්තු 15 වනදා වනවිට අවසාන වසරේ සියලු සිසුන්ගේ විභාග අවසන් කිරීමට සියලු විශ්ව විද්‍යාල වෙත බලය පවරා ඇති බවයි.

එමෙන්ම, ආසන පැනවීම, ලිඛිත විභාග පැවැත්වීම සහ ප්‍රායෝගික පර්යේෂණ පැවැත්වෙන අවස්ථාවලදී සහභාගී කරගන්නා සිසුන් සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලවයි.

අදාළ කාලසීමාව තුළ සිසුන් විශ්ව විද්‍යාල කරා පැමිණීමේ දී හැකිතාක් දුරට තම නිවාසවල සිට පැමිණීම පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට උපදෙස් දී ඇත.

Related posts

උසස් පෙළ විභාගය දෙසැම්බර් 04 වෙනිදා යළි ඇරඹේ.

Editor O

නව කෝටි අට ලක්ෂයක චීන දුම්වැටි තොගයක් රේගු භාරයට

Mohamed Dilsad

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment