ක්‍රීඩාදේශීය

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

(UTV | කොළඹ) – ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් අනුව 2011 වර්ෂයේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තරග පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ​ය පිළිබද ක්‍රීඩා අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමා විසින් 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒ්කකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති 02 කට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසද ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත.

Related posts

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

Editor O

ක්‍රිකට් නඩුවට අදාළ පෙත්සම සලකා බැලීම අද

Mohamed Dilsad

TRC හරහා ලියාපදිංචි නොවූ දුරකථන සඳහා දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment