දේශීය

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය වැඩපිළිවෙල ඉන්දීය රජයේ ඇගයීමට

(UTV | කොළඹ) –  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස්  Gopal Baglay මහතා අතර විශේෂ හමුවක් අද (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

කොවිඩ් -19 වසංගතය මර්දනයේ දී ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එම වෛරසය මර්දනය හා මැඩපැවැත්වීම සදහා ගත් ක්‍රියාමාර්ග ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගේ ඇගයීමට මෙහිදී ලක් විය.

එමෙන්ම වෛරසය මර්දන ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් ලබාදුන් නායකත්වය ද එතුමාගේ විශේෂ ඇගයීමකට ලක් විය.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදම ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ඉන්දීය රජයේ සහයෝගය ලබාදෙන බවත් ඉන්දීය මහ කොමසාරිස් වරයා වැඩිදුරටත් මෙහිදී සදහන් කරන ලදි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් කියා සිටියේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදුන් සහයෝගය පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුලු ඉන්දීය රජයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවයි.

Related posts

ආණ්ඩුවේ වියදම මෙන්න

Editor O

ඉතිහාසයේ පළමු වරට..

Mohamed Dilsad

බෝම්බ පිපිරීමක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment