දේශීය

නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන ජනපති නිලධාරීන්ගෙන් වීමසයි

(UTV |කොළඹ) – නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නව්‍යකරණය කොට රටට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ව්‍යාපෘතියට සමගාමී ආයෝජන සැලසුම් පිළිබඳව දේශීය විදේශීය ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම වහාම අරඹන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ නිලධාරීන් සමග ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දෙනු ලැබීය.

ව්‍යාපෘතියට සමගාමීව නෙළුම් කුළුණ පරිශ්‍රයේ ඇරඹීමට නියමිත ආපනශාලා, වෙළඳසැල්, විනෝද ක්‍රීඩා පහසුකම් සඳහා දේශීය, විදේශීය ආයෝජකයන්ට අවස්ථාව දිය යුතු බවත්, සාම්ප්‍රදායික නිර්මාණ සඳහා ද ඉඩ සැලසිය යුතු බවත් ජනාධිපතිතුමා කීය. පරිශ්‍රයේ අභ්‍යන්තර සැලසුම් ඒ ඒ ව්‍යාපෘතියට අදාළ ආයෝජකයන්ට නිර්මාණශීලීව ඉදිරිපත් කොට අනුමත කරගැනීමෙන් පසු ක්‍රියාත්මක කළ හැක.

විදෙස් සංචාරකයන්ට මෙන්ම අපේ රටේ සාමාන්‍ය ජනතාවටද නෙළුම් කුලුණ දැකගනිමින්  එහි ආස්වාදය විඳ ගැනීමට අවස්ථාව සැලසිය  යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මෙතෙක් පැවති ගැටළු පිළිබඳවද  දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. සියලු ගැටලු නිරාකරණය කර ව්‍යාපෘතිය ලබන වසර මුල් භාගයේ ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔසඳ සේනානායක, ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ඇතුළු නිලධාරීහූ සාකච්ඡාවට එක් වූහ.

Related posts

මාවිල්ආරුවේ කොටුවී සිටි පුද්ගලයන් 309 දෙනෙක් බේරා ගනී

Editor O

සමගි ජන බලවේගයෙන් දේශපාලන පක්ෂවල⁣ට ආරාධනාවක්

Editor O

ඇඳිරි අවස්ථාවේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

Leave a Comment