දේශීය

කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය ලබා දීමේ වැඩසටහනක්

(UTV | කොළඹ ) – රජය විසින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට අඩු පොලියක් යටතේ ණය ලබා දීමට තීරණය කර තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධන බලකාය පැවසුවේය

ඒ අනුව, රුපියල් ලක්ෂ 2 ක උපරිමයකට යටත්ව 4% ක සහන පොලියක් යටතේ, මෙලෙස ණය ලබා ගැනීමට කුඩා පරිමාණ ව්‍යාපාරිකයිනට අවස්ථාව හිමිවනු ඇති.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධන බලකාය පැවසුවේ, සණස, ග්‍රාමීය බැංකු, සමුපකාර බැංකු සහ සමෘද්ධි බැංකු හරහා මෙම ණය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ බිඳ වැටුණු කුඩා පරිමාණ ව්‍යාපාර යළි නගාසිටුවීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව, එම කාර්ය සාධන බලකාය සඳහන් කළේය.

Related posts

ඉදිරියේදී අප අතරට එන දේපළ බද්ද

Mohamed Dilsad

බොරතෙල් නැව් දෙකක් ලබන මස දිවයිනට

Mohamed Dilsad

මනාප අංක ගැන තීරණය ලබන 19න් පසු

Mohamed Dilsad

Leave a Comment