දේශීය

මනාප අංක ගැන තීරණය ලබන 19න් පසු

(UTV | කොළඹ ) – මහ මැතිවරණයට අදාල මනාප අංක නිකුත් කිරීමේ දිනය පිළිබද තීරණය මැතිවරණ කොමිසමේ මීලග රැස්වීම් වාරයේදී ප්‍රකාශ කරන බව එහි සැලසුම් අධ්‍යක්ෂ චන්න පුෂ්පකුමාර පවසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ලබන 19 වනදායින් පසු රැස්වීමට නියමිත බව ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්වී ඇති අතර ඒවාට ලැබෙන තීන්දු සම්බන්ධයෙන්ද දැඩි අවධානයෙන් පසුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Related posts

ආනයන අපනයනත් බහලුම් ප්‍රවාහනය කිරීමේදී අයකරන ගාස්තුව ඉහළට

Mohamed Dilsad

දුරකථන මාර්ගයෙන් මැතිවරණ ප්‍රචාරණය නතර කරන ලෙස දුරකතන සේවා සමාගම්වලට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Editor O

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වගට සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment