දේශීය

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සංවිධානය කළ ලේ දැන් දීමේ කඳවුර සාර්ථකව අවසන්[PHOTO]

(UTV |කොළඹ) – කොළඹ සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව විසින් දෙමටගොඩ මූලස්ථානයේදී ලේ දන් දීමේ කඳවුරක් සංවිධානය කර තිබුණි.

පසුගිය ඉරිදා පැවති මෙම ලේ දන් දීමේ කඳවුරට කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් පැමිණ විශාල වශයෙන් රුධිරය පරිත්‍යාග කර තිබේ.

රටපුරා ඇති රෝහල් වල සිටින කොවිඩ් -19 රෝගීන්ට රුධිරය සැපයීම සඳහා සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සහ මධ්‍යම වයි.එම්.එම්.ඒ සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුවේ වැඩබලන ජාතික සභාපති සහීඩ් එම් රිශ්මි, එහි සභාපති ෆවාසා තාහා, මධ්‍යම සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුවේ සභාපති එම්.එන්.එම්.කාමිල්,දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ශාන්ත ජයසිංහ, අබ්දුල් රහ්මාන් මවුලවීතුමන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාද සහභාගී වූහ.

කොවිඩ් අර්බුදය හේතුවෙන් රජයේ රෝහල්වලට රෝගීන් වැඩි වීම නිසා රුධිරය සඳහා ඉල්ලුමක් පවතින බව කොළඹ රුධිර බැංකුව කළ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන සංවිධානය කරන බව සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුවේ වැඩබලන ජාතික සභාපති සහීඩ් එම් රිශ්මි පැවසීය.

“පරිත්‍යාගශීලීන්ගේ ප්‍රතිචාරය දිරිගන්වනසුලු බැවින්,මෙම ව්‍යාපාරය අවසානයේදී ලේ පයින්ට් 100 කට වැඩි ප්‍රමාණයක් එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු,” රිස්මි පැවසීය. මෙම ව්‍යාපාරය සියලු ආගම්වලට අයත් පුද්ගලයින්ට සහ සෑම තරාතිරමකම පුද්ගලයින්ට විවෘත කළ බවද ඔහු පෙන්වා දුන්නේය.

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුවේ සභාපති ෆවාසා තාහා කියා සිටියේ මෙම උදාර අරමුණ සඳහා සහභාගී වීමට පැමිණි කාන්තා පිරිසෙන් විශාල වෙනසක් ඇතිවූ බවයි.

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුවේ හිටපු සභාපති කාලිඩ් ෆාරුක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

Related posts

තුර්කි විදේශ ඇමති දිවයිනට

Mohamed Dilsad

ණය සීමාව බි. 3,397 දක්වා වැඩි කිරීමට අනුමැතිය

Mohamed Dilsad

හරිනිගේ දැනුම්දීමෙන්, හයේ පොතේ සිද්ධියට, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, තනතුරෙන් ඉවත්වෙයි.

Editor O

Leave a Comment