දේශීය

ණය සීමාව බි. 3,397 දක්වා වැඩි කිරීමට අනුමැතිය

(UTV | කොළඹ) – රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,397 දක්වා තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2020 අංක 7 දරන විසර්ජන පනත මගින් 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 2,997ක ණය සීමාවක් සඳහා අනුමැතිය දී තිබිණ.

එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය මත රජයේ ආදායම අඩුවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම්, ආදායම් අහිමිවූවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂණය කිරීම, අදායමෙන් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම අහිමිවීම හේතුවෙන් වැටුප් හා අනෙකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාදීමට සිදුවීම ඇතුළුව වෙනත් ක්ෂේත්‍ර කිහිපයකම වියදම් වැඩිවීම හේතුවෙන් 2021 වර්ෂය සඳහා වන අනුමත ණය සීමාව ඉහළ දැමීමට සිදුව ඇති බව කැබිනට් යෝජනාවේ සඳහන් ය.

ඒ අනුව අනුමත රුපියල් බිලියන 2,997 ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කිරීමටත් ඒ සඳහා එකී විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබේ.

Related posts

මහමගදී පුද්ගලයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

Mohamed Dilsad

‘එක රටක් එක නීතියක්’ : ජනපති කාර්ය සාධක බලකායේ සභාපතිකම ඥානසාර හිමිට

Mohamed Dilsad

Leave a Comment