විදෙස්

ඉන්දියාවේ තවත් දුම්රිය මැදිරි 500 ක් කොරෝනා රෝහල් බවට පත්කරයි

(UTV | කොවිඩ් 19) – ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා තවත් දුම්රිය මැදිරි 500 ක් තාවකාලික රෝහල් ලෙස පරිවර්තනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අමතර ඇඳන් 8000 ක් ඒවායෙහි ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග එරට හදිසි ප්‍රතිකාර සඳහා ඇති ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමේ අවදානමක්ද මතුවී තිබේ.

මේ අතර පාකිස්ථානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් මාසයකින් ලක්ෂ 12 ක් බවට පත්වනු ඇති බවට අනතුරු ඇඟවෙයි.

මීට අමතරව, කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටුණු ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමට අවම වශයෙන් වසර 2 ක කාලයක් ගතවනු ඇතැයි එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

 

Related posts

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2 ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

චීනය හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බලයි

Mohamed Dilsad

ඇමෙරිකාවට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment