විදෙස්

ඉන්දියාවේ තවත් දුම්රිය මැදිරි 500 ක් කොරෝනා රෝහල් බවට පත්කරයි

(UTV | කොවිඩ් 19) – ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා තවත් දුම්රිය මැදිරි 500 ක් තාවකාලික රෝහල් ලෙස පරිවර්තනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අමතර ඇඳන් 8000 ක් ඒවායෙහි ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග එරට හදිසි ප්‍රතිකාර සඳහා ඇති ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමේ අවදානමක්ද මතුවී තිබේ.

මේ අතර පාකිස්ථානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් මාසයකින් ලක්ෂ 12 ක් බවට පත්වනු ඇති බවට අනතුරු ඇඟවෙයි.

මීට අමතරව, කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටුණු ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමට අවම වශයෙන් වසර 2 ක කාලයක් ගතවනු ඇතැයි එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

 

Related posts

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

Mohamed Dilsad

බයිඩන්හට ඇමෙරිකාවේ ඉහලම ගෞරවය (වීඩියෝ)

Mohamed Dilsad

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment