දේශීය

දකුණේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් රාජකාරියෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ ) – අද (15) පෙරවරු 7 සිට දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් රාජකාරියෙන් ඉවත්ව තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය රෝහලේ හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා එලෙස රාජකාරිවලින් ඉවත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.

මෙලෙස අතිකාල ලබා නොදීමට විරෝධය පලකරමින් ඔවුන් රාජකාරිවලින් ඉවත්ව තිබේ.

අතිකාල සහ නිවාඩු දින දීමනා ලබා නොදීමේ ගැටලුවක් මත ඔවුන් රාජකාරියෙන් ඉවත්ව ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග පැවසුවේය.

අප්‍රේල් මාසයට අදාළ අතිකාල හා නිවාඩු දින දීමනා ජූනි මස වැටුපට ලබාදෙන බව ද දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මාර්තු මත අතිකාල හා නිවාඩු දින දීමනා මැයි මස වැටුපට ලබාදුන් බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේය.

Related posts

සෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්

Mohamed Dilsad

නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික සෙබලෙක් ජීවිතක්ෂයට

Editor O

නිමල් ලංසාට ඇප

Editor O

Leave a Comment