දේශීය

තැපෑලෙන් ඖෂධ බෙදාහැරීම නවතී

(UTV |කොළඹ ) – තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15) දිනයේ සිට නතර කරනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සේවාව ආරම්භ කළේ කොරෝනා වසංගත තත්වය පැවති සමයේදී වේ.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශයේ ද එකඟතාව මත මෙම පියවර ගත් බවයි.

මැතිවරණයට  අදාළ කටයුතු ද මේ වන විට සිදු කිරීමට අවශ්‍යව ඇති බැවින් ඖෂධ බෙදාහැරිමේ කටයුතු සිදුකිරිමේ අපහසුතා පවතින බව තැපැල්පතිවරයා අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

 

Related posts

සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිම හෙළීමට පොලිසියට බලය

Editor O

පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා කවුරුන්දැයි සෑම ආණ්ඩුවක්ම දන්නවා….? – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Editor O

“සිනොෆාම්”අද සිට මෙරට චීන ජාතිකයන්ට

Mohamed Dilsad

Leave a Comment