දේශීය

තැපෑලෙන් ඖෂධ බෙදාහැරීම නවතී

(UTV |කොළඹ ) – තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15) දිනයේ සිට නතර කරනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සේවාව ආරම්භ කළේ කොරෝනා වසංගත තත්වය පැවති සමයේදී වේ.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශයේ ද එකඟතාව මත මෙම පියවර ගත් බවයි.

මැතිවරණයට  අදාළ කටයුතු ද මේ වන විට සිදු කිරීමට අවශ්‍යව ඇති බැවින් ඖෂධ බෙදාහැරිමේ කටයුතු සිදුකිරිමේ අපහසුතා පවතින බව තැපැල්පතිවරයා අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

 

Related posts

කෝටි 10 ක රත්තරන් කිලෝ 14 ක් නාවික හමුදා භාරයට [PHOTOS]

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ඉහළ තනතුරුවල වෙනසක්

Editor O

පාරිභෝගිකයන්ට දුරකථන සේවා සපයන සමාගම්වලින් සහන

Mohamed Dilsad

Leave a Comment