දේශීයප්‍රමුඛ පුවත 1

පාකිස්තානයේ සිරවී සිටි පිරිසක් යළි දිවයිනට

(UTV |කොළඹ ) – පාකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු අද (15) දින අලුයම දිවයිනට ළඟා වී තිබේ.

ඔවුන් කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට සිරවී සිටි පිරිසකි.

ඔවුන් කරච්චි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පැමිණ ඇත.

ඔවුන් රැගත්  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ඔවුන් යොමු කර තිබේ.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අසල ඇති හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා ඇත.

Related posts

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

දේශපාලන පක්ෂ 06ක් අක්‍රීය කරයි.

Editor O

Leave a Comment