ප්‍රමුඛ පුවත 1

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද දින කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සළකා බැලු කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය සතියේදී පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කිරීමට නියෝග කළේය.

මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා වලංගු වන අතර, එය නැවත අලුත් කිරිමේ හැකියාව පවතී.

මෙම කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශ්ව මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශ්ව වෙත ගලායම වැළැක්වීම පිණිසය.

ඒ අනුව අනාගතයේදී උක්ත සමාගම විසින් සාපරාධී ලෙස උපයන ලද මුදල් රජයට නැවත අයකර ගැනීමේ සහ රාජසන්තක කරගැනීමේ කි‍්‍රයාමාර්ග නිෂ්ඵල නොවනු පිණිස එම සමාගමේ ගිණුම්වල මුදල් ආරක්ෂා වී පවතිනු ඇත.

බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට අහිමි වූ මුදල් නැවත අය කර ගැනීමේ කි‍්‍රයාමාර්ගවල මෙන්ම මෙම සාපරාධි කි‍්‍රයාවට සම්බන්ධවූවන්ට දඬුවම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය මෙම නඩු තීන්දුව තුළින් තවදුරටත් තහවුරු වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සැමරීම තුළින් එකමුතුකම ශක්තිමත් කරමු – සංහිදියා කාර්යංශය කියයි

Mohamed Dilsad

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Mohamed Dilsad

පාසැල් ළමුන් අටදෙනෙකු ප්‍රවාහනක කල ත්‍රිරෝද රථයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment