දේශීය

තැපැල් සේවකයින් සියලු අතිකාල සේවාවලින් ඉවත් වෙයි.

(UTV |කොළඹ ) –  සියලු අතිකාල සේවාවලින් ඉවත් වී සාමාන්‍ය පැය 8 ක සේවාමුරය පමණක් කිරීමට සියලු තැපැල් වෘත්තිය සංගම් ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමට ගෙන ඇති තීරණයට එරෙහිවයි.

තැපැල් වෘත්තිය සමිති 09 ක් ඒකාබද්ධව තැපැල්පතිවරයා වෙත යොමුකළ ලිපියක මේ බව සඳහන් කෙරේ.

ඊට ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සංගමය , ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය , ස්වාධීන තැපැල් නිළධාරී සංගමය, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය එක්ව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවා සංගමය , ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තීයවේදින්ගේ සංගමය ,ශ්‍රී ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය, තැපැල් දෙපාර්තමේන්තු නිළධාරින්ගේ සංගමය හා සමස්ථ ලංකා දෙමළ තැපැල් සේවක සංගමයද මේ අතර වේ.

සෙනසුරාදා දිනවලට තැපැල් කාර්යාල වසා දැමිමට ගෙන ඇති තීරණය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ගෙන් සියයට හැත්තෑවකට ආසන්න පිරිසකට සෙනසුරාදා දීමනාව හිමි නොවන බව අදාල වෘත්තිය සමිති පෙන්වා දෙයි.

 

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

Editor O

ගෑස් මිල අඩු කෙරුණත් ආහාරවල මිල පහත හෙළීමට නොහැක

Mohamed Dilsad

සමගි ජන බලවේගයෙන් දේශපාලන පූර්වාදර්ශයක්

Editor O

Leave a Comment