දේශීය

විශ්‍රාමිකයන්ට දැනුම්දීමක්

(UTV | කොළඹ ) – විශ්‍රාම වැටුප් සම්බන්ධ සේවා ගැනීම සදහා පැමිණිමට පෙර ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරවාගන්නා ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයන්ට දැනුම් දී තිබේ.

දෙපාර්තමේන්තුවට පැමිණෙන විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා නව ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සදහන් කළේය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණිමට අපේක්ෂා කරන පිරිස් හට ඊට අදාල දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීම දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියට පිවිසිමෙන් සිදු කළ හැකියි.

එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවා පිළිබද තොරතුරු ලබා ගැනීමේ අවස්ථාවද සලසා දී තිබේ.

එමෙන්ම විශ්‍රාම වැටුප හා සම්බන්ධ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හෝ දෙපාර්තමේන්තුවේ 1970 අංකය අමතා ලබා ගැනීමට උනන්දුවන ලෙසයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දැනුම් දෙයි.

Related posts

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

දයාසිරි ගැන විමර්ශනය කරන්න පත් කළ කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි.

Editor O

ජාතික ආරක්ෂාව උදෙසා විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

Leave a Comment