දේශීය

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

(UTV | කොළඹ ) – සමස්ත ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මිරිහානේදී පහරදී ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

ත්‍රී රෝද රථ රියැදුරෙකුට අයත් ත්‍රීරෝද රථයක් වාරික නොගෙවා ඇතැයි කියන සිද්ධියකට ලීසිං සමාගමක් විසින් රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ විමසීමට එම පුද්ගලයා සුනිල් ජයවර්ධන සහ තවත් අයෙකු අදාළ ලීසිං සමාගමේ කාර්යාලය වෙත ඊයේ (10) පස්වරුවේ ගොස් ඇති අතර එහිදී කිසියම් බහින් බස්විමක් සිදුවී ඇත.

මෙහිදී සුනිල් ජයවර්ධනට කිසියම් අයෙකු පොල්ලකින් පහර දී ඇති අතර තුවාල ලැබූ ඔහු කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

බරපතල තුවාල ලබා සිටි 53 හැවිරිදි ඔහු එහිදී මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

කටාර් රාජ්‍යයේ සිටි ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

අහුන්ල්ලේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

ගිනිගත් නැවේ නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, උපදෙස්

Mohamed Dilsad

Leave a Comment