දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

(UTV | කොළඹ ) – ඊයේ (10) දිනයේ දී හඳුනා ගැණුනු රෝගීන් දස දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 08 දෙනෙකු වන බව සඳහන් වෙයි.

ඔවුන්ගෙන් 07 දෙනෙකු ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නාවික හමුදා මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊයේ දිනයේ හඳුනා ගැණුනු අනෙක් රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර් හි සිට පැමිණ පලගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා මුම්බායි හි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අයෙකු බව සඳහන්.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 736 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1122 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

ඔන්මැක්ස් තැන්පත්කරුවන් 2,017 දෙනෙක් පැමිණිලි ඉදිරිපත් කරලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි.

Editor O

පස්කඳු කඩා වැටී ඇල්ල – වැල්ලවාය පාර අවහිර වෙයි

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment