දේශීයප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

(UTV | කොළඹ ) – අද (11) විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ පිළිබඳ විශේෂ රැස්වීමක් අද පස්වරු 2.00 ට පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

ඒ, සියලු උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙනි.

විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ උපදෙස් මාලාව මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී ඇතැයි මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ ය.

කොටස් වශයෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ද ඔහු පැවසුවේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට කරන්න යන දේ

Editor O

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට

Mohamed Dilsad

වතු කම්කරුවන්ට අදත් ඇබැද්දියක්

Mohamed Dilsad

Leave a Comment