දේශීය

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අදාළ අංශයන්ට ජනපති උපදෙස්

(UTV | කොළඹ) – මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී ඇත.

රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දෙනු ලැබීය.

සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළයුතුව ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පසුගිය වසර 05 අවසානයේ ආයතනය භාර ගන්නා විට පැවති සහ වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස දැනුම් දුන් එතුමා ඉදිරි වසරේදී ළඟා කරගත යුතු ඉලක්ක මේ වසරේ දී සැලසුම් කළ යුතු බව පැවසීය.

 

Related posts

ඇඟලුම් සේවිකාවන් 69 කටම කොරෝන බව තහවුරු වෙයි

Mohamed Dilsad

ජනපති ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරයි

Mohamed Dilsad

මැතිවරණ වියදම් ගැන විවාදය මාසයකින් කල් තබයි

Mohamed Dilsad

Leave a Comment