දේශීය

තවත් වකුගඩු රෝගීන් රැසකට 5,000 දීමනාව හිමිවේ

(UTV | කොළඹ) –  වකුගඩු රෝගයට ලක්ව මහජන ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින තවත් රෝගීන් 13,849 දෙනකුට රුපියල් 5,000 ක මාසික ජීවනාධාර දීමනාව ගෙවීමට සෞඛ්‍ය, කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශට තීරණය කර ඇත.

වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ගෙවන රුපියල් 5,000 ජීවනාධාරය ලැබීමට අඩු ආදායම්ලාභී රෝගීන් 39,169 සුදුසුකම් ලබා සිටියද දැනට එම සහනාධාරය හිමිවන්නේ රෝගීන් 25,320 දෙනකුට පමණි.

අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්ගෙන් පිරිසකට පමණක් රුපියල් 5,000 දීමනාව ගෙවීම සාධාරණ නොවන බැවින් අඩු ආදායම්ලාභී රෝගීන් සියලු දෙනාට එම දීමනාව ගෙවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අදාළ ගෙවීම සඳහා මේ වසරට රුපියල් කෝටි 235ක මුදලක් වෙන් කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇමැති පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත.

Related posts

දුනිත්ගේ පියාගේ වියෝව ගැන මොහොමඩ් නබිගෙන් සංවේදී සටහනක්

Editor O

අදත් විදුලිය කැපේ

Mohamed Dilsad

ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

Leave a Comment