දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1835 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාධිතයන් 21 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි අය වේ.

ඉන් 16 දෙනෙකු කුවේට් සිටද , 02 දෙනෙකු එංගලන්තයේ සිටද, 02 දෙනෙකු කටාර් සිටද එක් අයෙකු බංග්ලාදේශයේ සිටද පැමිණ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අනුව මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 883 දෙනෙකු මෙරට රෝහල් 11 ක තවමත් ප්‍රතිකාර ලබමින් පසු වේ.

Related posts

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

මෙවර කිසිදු පෙරහරක් නැරඹීමට අවසර හිමි නොවේ [PRESS RELEASE]

Mohamed Dilsad

චීන නිෂ්පාදකයින් ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment