දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) –  කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

ලොව පුරා සිදුව ඇති කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 400,012 ක්.

වැඩිම මරණ ප්‍රමාණයක් මේවන විට වාර්තාවී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 111,658ක්.

මරණ 35211 ක් වාර්තා කරමින් ලොව දෙවනතැන මේවන විට පසුවන්නේ බ්‍රසීලයයි.

කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවී ඇති තුන්වන රට වන්නේ රුසියාවයි.

එරට ආසාදිතයන් ගණන 458,689 ක් වන අතර , සිදුවූ මරණ සංඛ්‍යාව 5725ක්.

ආසියානු කලාපීය රටවල් අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හමුවී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 245,962ක්.

ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිත මරණ 6933ක් සිදුවී ඇති අතර අද දිනයේ පමණක් මරණ 204ක් වාර්තාවී තිබෙනවා.

Related posts

වසර තුනකට පසු පරාක්‍රම සමුද්‍රයේ වාං දොරටු සියල්ලම විවෘත කරයි

Mohamed Dilsad

මාතර දිස්ත්‍රික්කයෙන් බාර දී ඇති නාම යෝජනා මෙන්න. – තාත්තලා වෙනුවට පුතාල දෙන්නෙකුත් මැතිවරණයට

Editor O

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුමක්

Mohamed Dilsad

Leave a Comment