දේශීය

අද සිට දුම්රිය 33 ක් සහ බස් රථ රැසක් ධාවනයේ

(UTV | කොළඹ ) – අද (01) සිට සතියේ ලබන බදාදා (03) දක්වා දෛනිකව දුම්රිය 33 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සේවා අවශ්‍යතා පදනම් කර ගනිමින් මෙම සතියේ දුම්රියේ ගමන් කිරීමට 19,593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

මේ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11 ක් , මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 11 ක් , කැළණිවැලි මාර්ගයේ දුම්රිය 06 ක් , පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ දුම්රිය 02 ක් අනිද්දා දක්වා ධාවනය කරවීමට නියමිතයි.

රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගීන්ට පමණක් එම දුම්රියවලින් ගමන් කළ හැකි වන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කියාසිටියේය.

මේ අතර මෙම සතිය තුළ බස් රථ 5000 කට අධික සංඛ්‍යාවක් ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇතැයි, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

තවද අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200 ක් ධාවනය සඳහා එක් කිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක්

Mohamed Dilsad

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

Editor O

Leave a Comment