කලා

හොලිවුඩය විවෘත කිරීමෙන් පසු තිරගතවන පළමු චිත්‍රපටය Unhinged

(UTV| ඇමෙරිකාව) – ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි හොලිවුඩ් සිනමාපුරය නැවත විවෘත කිරීමෙන් පසු මුදාහරින පළමු චිත්‍රපටය වනු ඇත්තේ Unhinged චිත්‍රපටයයි.

සටන්කාමී හොලිවුඩ් නළුවකු වන රසල් ක්‍රෝව් (Russell Crowe) එහි ප්‍රධාන චරිතයට පණ පොවයි.

ජූලි මස පළමුවැනිදා සිට Unhinged චිත්‍රපටය සිනමාහල්වල තිරගතවීමට නියමිතව ඇත.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා හොලිවුඩය වසා දැමීම හේතුවෙන් රූපවාහිනි හා සිනමා ක්‍ෂේත්‍රයේ සේවයේ නියුතු ලක්‍ෂ දහයක් පමණ වූ පිරිසකට රැකියා අහිමි විය.

ඒ ආශ්‍රිත සේවය කළ වෙනත් ලක්‍ෂ 26කට ද මේ හේතුවෙන් අසීරුතාවන්ට මුහුණදීමට සිදු විය.

Related posts

අමිතාබ් භච්චන් සුවය ලබයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල අද අගමැතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

” ගලි බෝයි ” සම්මාන 10 කින් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment