කලා

අමිතාබ් භච්චන් සුවය ලබයි

(UTV |ඉන්දියාව) – කොරෝනා ආසාදනය වුණු ප්‍රවීන ඉන්දීය නළු අමිතාබ් භච්චන් අද(02) පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ දින 23කට පසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

77  හැවිරිදි තම පියා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ඔහුගේ පුත් අභිෂේක් භච්චන් විසින් ට්විටර් සටහනක සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදනය වූ තමන් තවමත් ප්‍රතිකාර ලබන බවද අභිෂේක් භච්චන් පවසයි.

මේ අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත තාක්ෂණ අධ්‍යාපන ඇමතිනී කමල් රාණි වරුන්, කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබේ.

62 හැවිරිදි ඇය සතියක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මිය ගොස් ඇති අතර, ඇය කොරෝනා ආසාදනය වී මිය ගොස් ඇත.මෙලෙස කොරෝනා රෝගය වැළදී ඉන්දියාවේ අමාත්‍යවරයෙකු මිය ගිය පළමු අවස්තාව මෙයයි.

Related posts

මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගනී

Mohamed Dilsad

හේමාල් රඟපෑ පළමු ඉන්දියානු චිත්‍රපටය Second Show දැන් තිරගත වේ

Mohamed Dilsad

දමිළ බසට හැරවෙන Driving Licence

Mohamed Dilsad

Leave a Comment