කලා

අමිතාබ් භච්චන් සුවය ලබයි

(UTV |ඉන්දියාව) – කොරෝනා ආසාදනය වුණු ප්‍රවීන ඉන්දීය නළු අමිතාබ් භච්චන් අද(02) පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ දින 23කට පසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

77  හැවිරිදි තම පියා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ඔහුගේ පුත් අභිෂේක් භච්චන් විසින් ට්විටර් සටහනක සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, කොරෝනා ආසාදනය වූ තමන් තවමත් ප්‍රතිකාර ලබන බවද අභිෂේක් භච්චන් පවසයි.

මේ අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත තාක්ෂණ අධ්‍යාපන ඇමතිනී කමල් රාණි වරුන්, කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබේ.

62 හැවිරිදි ඇය සතියක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මිය ගොස් ඇති අතර, ඇය කොරෝනා ආසාදනය වී මිය ගොස් ඇත.මෙලෙස කොරෝනා රෝගය වැළදී ඉන්දියාවේ අමාත්‍යවරයෙකු මිය ගිය පළමු අවස්තාව මෙයයි.

Related posts

රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

Mohamed Dilsad

‘ඇවටර්’ තිරගත වන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට එක්වෙයි.

Mohamed Dilsad

Leave a Comment