ක්‍රීඩා

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණූවීම් හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණූවීම් හෙට (01) සිට යළි ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එහිදී දින 12 ක නේවාසික පුහුණු කඳවුරකට ක්‍රීඩකයින් 13 දෙනෙකු එක් වන බවයි.

පුහුණූ කඳවුරට එක්වන ක්‍රීඩකයින්ගෙන් බහුතරය පන්දු යවන්නන් වන අතර පුහුණූ සහ සහයක කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් 4 දෙනෙකුද ඊට ඇතුළත්.

කොළඹ සී සී සී පිටියේදී මෙම පුහුණූව පැවැත්වෙන සමස්ථ කාලය පුරාම ක්‍රීඩකයින් හෝටලයක රැඳී සිටීමට නියමිතයි.

පුහුණූ කඳවුරේ සියළු කටයුතු රජය නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවලට අදාලවයි සිදුවන අතර පුහුණූ කාලසීමාව පුරාම ක්‍රීඩකයින්ට සිය පෞද්ගලික කටයුතුවලට එක්වීමේ අවස්ථාව හිමි නොවන බව සඳහන්.

Related posts

භානුක නැවතත් පිටියට

Mohamed Dilsad

හෘදයාබාධයකින් 21 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයා මරුට

Mohamed Dilsad

ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය කල් යයි

Mohamed Dilsad

Leave a Comment