දේශීය

පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේදී ඡන්ද නාම ලේඛන තොරතුරු ලබාගන්න ක්‍රම

(UTV | කොළඹ) –  2021 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යාමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව වසර 5 ක ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පදිංචිය සනාථ කිරීම සිදුකළ හැකියි.

ඒ අනුව පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ග්‍රාම නිලධාරින්ගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කිරීමෙන් ලබා ගත හැකියි.

Related posts

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

Mohamed Dilsad

කොරෝනා මරණ 116 දක්වා ඉහළට [RELEASE]

Mohamed Dilsad

ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment