දේශීය

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

වැල්ලව පොලිස් වසමේ පහළ වරද්දන ප්‍රදේශයේ දී යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත වැල්ලව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

 

මියගිය කාන්තාව, දුම්රිය මාර්ගයට පැමිණ සිටි නිවසේ ඇති කරන සුනඛයා බේරාගැනීමට තැත් කිරීමේ දී දුම්රියේ ගැටී ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

 

මෘත ශරීරිය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

ගතවූ වසර 05ක කාලය තුළ, පොලිස් අත්අඩංගුවේදී සහ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් 79 ක් මියගිහින්.

Editor O

රාගම – වැලිසර රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 27 ක් නිරෝධායනයට

Mohamed Dilsad

විදේශ රටවල විශ්වවිද්‍යාල සමග සම්බන්ධව උපාධි දෙන, මෙරට ආයතන ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

Editor O

Leave a Comment