දේශීය

රාගම – වැලිසර රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 27 ක් නිරෝධායනයට

(UTV |  ජා- ඇල) –   ජා- ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා ආසාදිතයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි රෝහල් සෞඛය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාධනය වීම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22 ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05 ක් අද මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් පසුගිය 09 වනදා නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටියදී ඉන් 06 කට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු විය.

පසුව එම පිරිස ඇසුරු කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා සිදු කල විමර්ශන වලදී වෛරසය ආසාධිත පුද්ගයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ සේවය කල පුද්ගලයෙකු හටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඒ හේතුවෙන් එම පුද්ගලයා සමීපව ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05 දෙනෙක් හදුනා ගැනීමට හැකි වූ අතර, මෙම පිරිසට කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අයත් වේ.

Related posts

සාමයට ඇති තර්ජන ගැන පොලිස් ඇමති කියයි.

Editor O

පර්ල්.කේ. වීරසිංහට යළිත් වරෙන්තු

Mohamed Dilsad

“අවශ්‍ය වුවහොත් IMF සහය ගන්නවා”

Mohamed Dilsad

Leave a Comment