දේශීය

නාගානන්ද පෙත්සම ඉල්ලා අස්කර ගනී

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතාට එරෙහිව ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගැනුණි.

 

මෙම පෙත්සම අද (05) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී වගඋත්තරකාර ඔෂල හේරත් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 

ඊට විරෝධය පළ කළ පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටියේ මෙම නඩුකරයේ නොතිසි නිකුත් කිරීමට පෙර වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටීමට හැකියාවක් නොමැති බවය.

 

එහෙත් එම ඉල්ලීමට ඉඩ නොදුන් අධිකරණය වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටිය හැකි බව සඳහන් කළේය.

 

ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ සංශෝධන සිදු කිරීමට පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට වගඋත්තරකාර පාර්ශ්වය විරෝධය පළකළේය.

 

ඒ අනුව නව පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

එම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය අදාළ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙමින් එය නිශ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

Related posts

අද සවස 5 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවේ

Mohamed Dilsad

ස්පුට්නික් 05 එන්නත ගැන රුසියාව සහ ලංකාව අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට වෘත්තීය සමිති අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment