දේශීය

අපේ දරුවන්ට උපාධිය 21දී

යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකිවුවහොත් මෙරට දරුවන් ට අවුරුදු 18 වනවිට විශ්වවිද්‍යාලය ට යෑමට වාසනාව හිමිවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

අද (05) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු එසේ කීය.

 

ඔහු පැවසුවේ මෙරට සිසු සිසුවියන්ට වයස අවුරුදු 21 වනවිට විශ්වවිද්‍යාල උපාධියක් හිමිකර ගැනීමට යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව අවස්ථාව හිමිවන බවයි.

 

අපොස සාමාන්‍ය පෙළ, සහ ශිෂ්‍යත්ව විභාග සඳහා ද වෙනස්කම් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

තවත් ස්ථාන කීපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

ඔන්ලයින් පනත පනත අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Editor O

පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක්

Mohamed Dilsad

Leave a Comment