දේශීය

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට

(UTV | කොළඹ) – 2021 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

අයදුම්පත් ජුලි 15 වැනිදාට ප්‍ර‍ථම ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුයි.

සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජුනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළ ඉදිරිපත් කළ යුතුයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මේ අතර පළමුවන සහ දෙවන ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවද නිවසේ සිට ක්‍රියාකාරී අධ්‍යාපනයෙහි යෙදිය හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල පැකේජයක් හඳුන්වාදී ඇති බවයි.

Related posts

තවත් මිනිස් ජාවාරමක්

Mohamed Dilsad

බැඳුම්කර ගනුදෙනුව ගැන ඇමති විජිත හේරත් කළ ප්‍රකාශය සාවද්‍යයයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් නිවේදනයක්

Editor O

2020 උසස් පෙළ ප්‍රථීඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment