දේශීය

බැසිල්ට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කල් යයි

(UTV | කොළඹ) – හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර ප්‍රදානය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 2292 ක පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල විය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා, එම අමාත්‍යාංශය හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන බන්දුල තිලකසිරි යන අය නම් කර තිබේ.

Related posts

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම් මනෝ ගනේෂන් හෙළා දකී

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

මැතිවරණයට සම්බන්ධ බාධාකිරීම් 20ක්

Mohamed Dilsad

Leave a Comment