දේශීය

හෙට සහ අනිද්දා දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 ක්

(UTV | කොළඹ) – මුළු දිවයිනටම ඇඳිරි නීතිය බල පැවැත්වෙන හෙට (24) සහ අනිද්දා(25) දිවයින පුරා මාර්ග බාධක 900 ක් යෙදවීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මක අතර අනෙක් දිස්ත්‍රික් 23 ඇඳිරි නීතිය ලබන අගහරුවාදා අලුයම 5 ට ඉවත් කිරීමට නියමිතයි.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 සිට බලාත්මක වන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ එළැඹෙන මැයි 26 අඟහරුවාදා අලුයම 5 ටයි.

එතැන් සිට එම දිස්ත්‍රික්ක 23 හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි.

Related posts

තවත් 475 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

එමිරේට්ස් ගුවන් සේවය මෙරට සමඟ සිදුකෙරෙන ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment