දේශීය

පිටකොටුවේ යාචකයින් පිරිසක් රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට

(UTV | කොළඹ ) – අධිකරණය විසින් පිටකොටුව බස්නැවතුම්පොළ හා තදාසන්න ප්‍රදේශවල සිටිය දී පොලිසිය විසින් නිරෝධායනය සඳහා යොමු කළ යාචකයින් 62 දෙනෙකු රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස නියෝග කර තිබේ.

ඊයේ (22) ඔවුන් අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නේ මොවුන් සියලූ දෙනා දින 14 ක නිරෝධායනය අවසන් කළද නගරයේ නිකරුණේ ගැවසීම මගින් මහජන සෞඛ්‍යය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑ හැකි බවයි.

ඒ අනුව අදාළ යාචකයින් 62 දෙනාම රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස අධිකරණය නියෝග කර ඇති අතර වයෝවෘද්ධ පුද්ගලයින් හැර සෙසු සියලූ දෙනාට වෘත්තීය පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියි.

Related posts

අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක

Mohamed Dilsad

සහල් මිල තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නව වෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක – වැඩ බාර ගැනීම හෙට (23)

Editor O

Leave a Comment