දේශීය

කොම්පඤ්ඤ වීදියේ නිවසක ගින්නක්

(UTV | කොළඹ) – කොම්පඤ්ඤ වීදිය, කුමරන් රත්නම් මාවතේ පිහිටි නිවසක අද (22) පෙරවරුවේ හටගත් ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

එම ගින්න මේ වනවිට මැඩ පවත්වා  ඇති අතර ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නොමැත.

මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ 04 ක් පිටත් කර ඇති බවත් අවට නිවාසවලට ගින්න පැතිර යාම වැළැක්වීමට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ආරක්ෂක අංශ සමත්ව ඇති බවත් සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Related posts

නීතීඥවරයෙක් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක්

Editor O

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment