දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 61,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 61,621 ක් බවට පත්වී තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද (22) පෙරවරු 6 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 17,322 කි.

ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 6 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 528 ක් වන අතර වාහන 150 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පසුගිය මාර්තු 18 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 18 , 496 ක් පවරා ඇත.

දඩුවම් නියම කර ඇති සංඛ්‍යාව 6991 ක් බව පොලිසිය නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

Related posts

අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

චාල්ස්ගේ ඉල්ලා අස්වීම තවම පිළිගෙන නැහැ ?

Mohamed Dilsad

Leave a Comment