දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 61,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 61,621 ක් බවට පත්වී තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද (22) පෙරවරු 6 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 17,322 කි.

ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 6 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 528 ක් වන අතර වාහන 150 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පසුගිය මාර්තු 18 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 18 , 496 ක් පවරා ඇත.

දඩුවම් නියම කර ඇති සංඛ්‍යාව 6991 ක් බව පොලිසිය නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

Related posts

ක්‍රිකට් ගැන ජනාධිපති වික්‍රමසිංහ ඉන්දීය නාලිකාවකට කළ හෙළිදරව්ව

Mohamed Dilsad

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රට තුළ සිදුවූ අපරාධ සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අනාවරණයක්

Editor O

Leave a Comment