දේශීය

වෛරසයෙන් ආරක්ෂාවීමට සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂාවිම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරිමට තීරණය කර තිබේ.

නව ජිවන රටාවක් උදෙසා යන තේමාව ඔස්සේ මෙම සංඥා මාලාව හදුන්වාදීමට කටයුතු යොදා ඇත.

මෙම වෛරසය පැතිරයාම පාලනය කිරිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සදහා විශේෂ ක්‍රියාකාරි කාර්යය සාධන සාමාලෝචන කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

එම සංඥා දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළඳසැල් සහ කාර්යාල ආශ්‍රිතව ප්‍රදර්ශනය කිරිමට නියමිතයි.

 

Related posts

ඇඳිරි නීති ප්‍රදේශවල ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් වැසේ

Mohamed Dilsad

ගංඟා සංරක්ෂිත කලාප නම් කිරීමේ තීරණයක්

Mohamed Dilsad

අවුරුදු සමයට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment