දේශීය

වෛරසයෙන් ආරක්ෂාවීමට සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂාවිම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරිමට තීරණය කර තිබේ.

නව ජිවන රටාවක් උදෙසා යන තේමාව ඔස්සේ මෙම සංඥා මාලාව හදුන්වාදීමට කටයුතු යොදා ඇත.

මෙම වෛරසය පැතිරයාම පාලනය කිරිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සදහා විශේෂ ක්‍රියාකාරි කාර්යය සාධන සාමාලෝචන කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

එම සංඥා දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළඳසැල් සහ කාර්යාල ආශ්‍රිතව ප්‍රදර්ශනය කිරිමට නියමිතයි.

 

Related posts

හිටපු පොලිස්පති දේශබන්දු මාතර අධිකරණයේ පෙනී සිටී

Editor O

සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තෙක් මැනිං වෙළඳපොළ විවෘත නොකෙරේ

Mohamed Dilsad

සහල් මෙට්‍ර්ක් ටොන් 75,000 ආනයනය කරලා.

Editor O

Leave a Comment