දේශීය

ගංඟා සංරක්ෂිත කලාප නම් කිරීමේ තීරණයක්

(UTV | කොළඹ) – මෙරට සියළුම ගංඟා සඳහා සංරක්ෂිත කලාප නම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.  

ලංකාව තුළ ගංඟා 103 ක් පවතින අතර ඒවාට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 10,700 කට වඩා පවතින බවට මධ්‍යම පරිසර අධිකාරිය නිරීක්ෂණය කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙතෙක් කිසිඳු ගංඟාවකට ගංඟා සංරක්ෂිත කලාප නම් කර නොමැතිවීම හේතුවෙන් විවිධ පුද්ගලයින් නිවාස, ව්‍යාපාරික ස්ථාන හා වගාවන් සඳහා ගංඟා ආශ්‍රිත ඉඩම් අත්පත් කරගෙන සිටින බවට ද තහවුරු වී ඇත.

ඒ අනුව ගංඟා ඉවුරු ආශ්‍රිත ඉඩම් අත්පත් කරගෙන සිටින පිරිස් ඉන් ඉවත් කිරීමටත්, ගංඟාවක සිට මීටර් 150 ක් තරම් දුරින් කිසිදු ඉදිකිරීම් කටයුත්තක් හෝ වගාවන් සිදුකිරීම වළක්වාලමින් ගංඟා සංරක්ෂිත කලාප ඉදිරියේදී නම් කිරීමට නියමිත බව ද පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

රාජ්‍ය නොවන සංවිධානයක මුවාවෙන් තවත් මහා පරිමාණ මුදල් වංචාවක්

Mohamed Dilsad

ලංකාවෙන් චීනයට “සිලෝන් ටී” යවයි

Mohamed Dilsad

ව්‍යාපාරිකයා සඟවා ගෙන සිටි රන් බිස්කට්, වටිනාකම කෝටි 2.7ක්

Mohamed Dilsad

Leave a Comment