දේශීය

අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

(UTV | කෝවිඩ් -19) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

ඒ සේවකයන් පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වැඩ කරන දින දෙකක කාලයක් සඳහා මෙලෙස තානාපති කාර්යාලය වසා දමා ඇති බවයි.

තානාපති කාර්යාලය වසා තබන කාලය අතරතුර slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය හෝ ගාස්තු රහිත දුරකතන අංක 800119119 ඔස්සේ තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැක.

තානාපති කාර්යාලය සඳහන් කළේ ගාස්තු රහිත දුරකතන අංකය ඔස්සේ දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබෙන බැවින් ඇතැම් අවස්ථාවලදී ඔබගේ දුරකතන ඇමතුමට ප්‍රතිචාරයක් දැක්වීමට ප්‍රමාද විය හැකි අතර තානාපති කාර්යාලය විසින් පැය 24 ක් ඇතුළත නැවත ඔබ හා සම්බන්ධ වීමට කටයුතු කරන බවයි.

මේ නිසා සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන පිරිස් සිය ගැටළු හැකිතාක් විද්‍යුත් තැපෑල ඔස්සේ ඉදිරිපත් කරන ලෙසද ඔවුන් දැනුම් දී තිබේ.

Related posts

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 22ක්

Mohamed Dilsad

නව බස් ගාස්තු දැන් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment