ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූවීම් යළි ඇරඹීමට අවධානය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූවීම් ජුනි මස පළමුවනදා සිට යළි ආරම්භ කිරීමට අවධානය යොමු වී තිබේ.

එහි ප්‍රධාන පුහුණූකරු මිකී ආතර් මහතා පැවසුවේ රජයේ සහ සෞඛ්‍ය අංශවල නිර්දේශ ලැබුණ හොත් එය ක්‍රියාවට නංවන බවයි.

පළමු අධියරේදී වේග පන්දු යවන්නන්ගේ පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

පුහුණුවීම් යළි ක්‍රියාවට නැංවිම සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංග සමග පුහුණුකරුවන් සාකච්ඡා කළ බව මිකී ආතර් මහතා කියා සිටියේය.

තවද ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හඳුන්වා දී ඇති නිර්නායකවලටද සම්පුර්ණයෙන් අනුගතව කිටයුතු කිරීමයි.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක්

Mohamed Dilsad

සෞරව් ගංගුලි පිළිබඳ සංගක්කාරගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක ජයක්

Mohamed Dilsad

Leave a Comment