දේශීය

ඇඳිරි නීතිය කඩ කර පිරිස 61,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මාර්තු මස 20 වන දින සිට අද (21) පෙරවරු 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පිරිස 61,093 ක් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17,172 කි.

මේ අතර ඊයේ (20) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 668 ක් හා වාහන 248 ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇතැයි ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ 17,949 ක් මේ සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

එයින් නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කිරීම් 6706 ක් ද සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

කොළඹ සහ රත්නපුර තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි

Mohamed Dilsad

බිලියන 325ක වී ගන්න, බිලියන පහක් දීලා අපට මාෆියාව කියනවා.. මොන මෝඩ කතාද මේ..- ඩඩ්ලි සිරිසේන

Editor O

Leave a Comment