දේශීය

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් සළකා බැලීම 4 වන දිනයටත්

(UTV | කොළඹ ) – ජුනි 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (21) 4 වන දිනයටත් සිදු කෙරේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන අයගෙන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි.

පෙත්සම්වල එක් වග උත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර ඇති ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් අද කරුණු දැක්වීමට නියමිතයි.

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද පෙරවරු 10 තෙක් කල් දැමීමටයි ඊයේ (20) නියෝග කළේය.

Related posts

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

Editor O

ලංවීම ප්‍රතිව්‍යුහගතකරණය නැවතීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කැඩීමක් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

පාර්ලිමේන්තුව යළි රැස්වන දිනය

Editor O

Leave a Comment