දේශීය

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් සළකා බැලීම 4 වන දිනයටත්

(UTV | කොළඹ ) – ජුනි 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (21) 4 වන දිනයටත් සිදු කෙරේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන අයගෙන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි.

පෙත්සම්වල එක් වග උත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර ඇති ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් අද කරුණු දැක්වීමට නියමිතයි.

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද පෙරවරු 10 තෙක් කල් දැමීමටයි ඊයේ (20) නියෝග කළේය.

Related posts

කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට සිර දඬුවමක්

Mohamed Dilsad

සරත් ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් අස්වෙයි.

Editor O

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment