දේශීය

කාලගුණය කැළඹීමෙන් 18,430 දෙනක් පීඩාවට

(UTV| රත්නපුර) –  ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් නිසා දිවයිනේ දිස්ත‍්‍රික්ක 10ක පවුල් පවුල් 4,758 කට අයත් 18,430 දෙනක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම පිරිසෙන් පවුල් 239 කට අයත් 885 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 17 කත්, තවත් පවුල් 508 කට අයත් 1,942 දෙනෙක් තම ඥාති නිවෙස්වලත් රැදී සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ  ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

කෑගල්ල, රත්නපුර, මාතලේ, මුලතිව්, මහනුවර, නුවරඑළිය, බදුල්ල, හම්බන්තොට, ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව ද ඔහු සදහන් කරයි.

එමෙන්ම , නිවාස 11 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,123 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ඉහළ යෑමට හේතුව

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 2 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා බවින් නිදහස්

Mohamed Dilsad

පාකිස්තානයෙන් ජාතික ආරක්ෂක විද්‍යාලයට අංගසම්පූර්ණ පුස්තකාලයක්

Mohamed Dilsad

Leave a Comment