දේශීය

පන්තියක් පැවැත්වූ ගුරුවරුන් 2 ක් හා සිසුන් පිරිසක් නිරෝධායනයට

(UTV | තලවකැලේ) – කොරෝනා අවධානමත් සමඟ සෞඛ්‍ය උපදෙස් වලටද පටහැනිව බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් 14 දෙනෙකු අද (20) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන තිබේ.

අදාළ ගුරුවරුන් දෙදෙනා විසින් කිසිඳු සෞඛ්‍ය උපදෙසක් නොපිළිපදිමින් බාහිර පන්ති පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත තම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම ස්ථානයට යවා සියදෙනා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයට ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා සඳහන්කර සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභාපති අශෝක සේපාල මහතා විසින් තලවකැලේ පොලිසියට දැනුම් දිමෙන් පසු බාහිර පන්ති පවත්වාගෙන ගිය ස්ථාන දෙකම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මුද්‍රා තබා ඇත.

බාහිර පන්ති පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනා සහ සිසු සිසුවියන් 14 දෙනා දින 14 ක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරන්ගේ අධික්ෂණය යටතේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කර තිබේ.

Related posts

ජනාධිපතිවරණයට අදාළ පෙත්සම් විභාගය 15 සඳුදා

Editor O

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් විකුම් ලියනගේ

Mohamed Dilsad

වී කිලෝව රු. 130 මිලදී ගන්නා බව පවසා, සහල් මිල වැඩිකිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්

Editor O

Leave a Comment