දේශීය

නිරෝධායනය අවසන් කර පිටව ගිය අය 10,000 ඉක්මවයි

(UTV | කොළඹ) – මේ වනවිට ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 10,103 ක් නිවෙස් වෙත පිටත් කර යවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියි.

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 15 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියහ.

ඒ අනුව මෙරටදී වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1027 දෙනා අතුරෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති සංඛ්‍යාව 584 ක්.

එසේම, දින 20 ක කාලයක සිට නාවික හමුදාවෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් හැර වෙනත් ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

පළාත් කීපයකට අදත් වැස්ස

Mohamed Dilsad

රටේ ජනතාව බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුයි – යුද හමුදාපති

Mohamed Dilsad

වංචනිකයන්ට දඬුවම් දෙනවා – හිටපු කතානායක අශෝක රංවල

Editor O

Leave a Comment